රිනවුන් ක්‍රීඩකයන් දෙදෙනෙකුට තරග දෙකක් තහනම්

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන සුපර් ලීග් වෘත්තීය පාපන්දු තරගාවලියේ පැවැති තරගයකදී කොළඹ පාපන්දු පිල ගෝල් 2-1ක ජයක් ලබයි. කොළඹ සුගතදාස පිටියේ පෙරේදා විදුලි ආලෝක ධාරා මැද පැවැති තරගයේ පළමු භාගයේදී දෙපිලම ගෝල් 1 බැගින් ලබා සම තත්ත්වයක පසුවූ අතර එහිදී කොළඹ පිල වෙනුවෙන් සර්වාන් ජොහාර් 34වැනි මිනිත්තුවේදී හා රිනවුන් පිල වෙනුවෙන් මොහොමඩ් අමාන් 43වැනි මිනිත්තුවේදී ගෝල් වාර්තා කළහ. අනතුරුව 50 වැනි මිනිත්තුවේදී නයිජීරියානු ක්‍රීඩක මෝමාස් යාපෝ කොළඹ පාපන්දු සමාජයට දෙවැනි ගෝලය එක් කළේය. රිනවුන් පිලේ ජූඩ් සුභාන් හා විදෙස් ක්‍රීඩක ෆ්‍රැන්සිස් අග්බේටී යන ක්‍රීඩකයින් දෙනොගේ නීති විරෝධී ක්‍රීඩා විලාශය හේතුවෙන් රතු කාඩ්පත් අවවාද ලබාදී පිටියෙන් නෙරැපීම මේ තරගයේ විශේෂ සිදුවීම් දෙකක් විය. මේ හේතුවෙන් මේ දෙදෙනාට ඉදිරි තරග දෙකක් තහනම් වේ.

Related posts

Leave a Comment