කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට බදු දීමට එරෙහිව වෘත්තිය සමිති මව් සංගම් ගෙන යන අරගලයට සහය දීමක් ලෙස ඊයේ(31) සිට ත්‍රිකුණාමල වරාය සේවකයන් අකුරට වැඩකිරීමේ ව්‍යාපාරයක් දියත් කළ බව ත්‍රිකුණාමල වරාය සේවකයෝ පැවසුහ.
මේ අනුව අද (01) සදුදා දිවා ආහාර විවේකයේදි ත්‍රිකුණාමල වරාය දොරටුව ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්විමටද කටයුතු යොදා ඇති බව වෘත්තිය සමිති ඒකාබද්ධ නිවේදනයක දැක්වේ.
ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ත්‍රිකුණාමල වරාය ශාඛාවේ ලේකම් ඒ.සි.තොටවත්ත, වාණිජ හා ප්‍රගතිශිලි සේවක සංගමයේ ත්‍රිකුණාමල වරාය ශාඛාවේ ලේකම් ජ්.කේ.රම්‍ය කුමාර, ශ්‍රි ලංකා නිදහස් සේවක සංගමයේ ත්‍රිකුණාමල වරාය ශාඛාවේ සභාපති එච්. එම්. ඒ.හේරත්, සමස්ථ ලංකා වරාය පොදු සේවක සමිතියේ ත්‍රිකුණාමල වරාය ශාඛාවේ ලේකම් ජි.පුණ්‍යසිරි සරත් යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කල ඒකාබද්ධ නිවේදනයේ මේ බැව් දැක්වේ.