පිළියන්දල ලොක්ඩවුන් සීමා වෙනස් කලේ මගේ අනුදැනුමකින් තොරවයි

පිළියන්දල පොලිස් බල ප්‍රදේශය ද සම්පූර්ණයෙන් ම හුදෙකලා කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කර ග්‍රාම සේවා වසම් කිහිපයක් පමණක් හුදකලා කර ඇත්තේ තමන්ගේ තීරණයක් අනුව නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

තමන් නිර්දේශයකින් තොරව එම හුදෙකලා කිරීම වෙනස් කර ඇති බවද ඔහු පැවසීය.

ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බවද ඒ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ වැඩසටහනට එක් වෙමිනි.

Related posts

Leave a Comment