JDB සියලු වතු කම්කරු ජනතාවට ඉඩම් අයිතිය ඉල්ලා ඇමති මහින්දානන්ද කළ ඉල්ලිමට කැබිනට් අනුමැතිය …..

ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ සියලු වතු කම්කරු ජනතාවට පර්චස් 7ක ඉඩමක් ලබාදිමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. දිර්ඝ කාලයක් පුරා මෙය ඡන්ද පොරොන්දුවක් පමණක් වී තිබුනා. මෙවර වතු කම්කරු වැඩ කරන ජනතාවගේ ඉඩම් අයිතිය මහ පොළොවේ යතාර්ථයක් කිරිමට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගත් ක්‍රියාමාර්ගය අගය කළ යුතුයි.

තම තමන්ගේ වගකීම, යුතුකම, මනුෂ්‍යත්වය, සෑම දේශපාලන නියොජිතයෙක්ම මේ අයුරින් ඉටු කරන්නේනම් පෑගෙන, දුක්විදින, රට වෙනුවෙන් වැඩ කරන මිනිසුන්ගේ ප්‍රශ්න එකින් එක නිමාවට පත්ව තෘප්තිමත් වැඩ කරන ජනතාවක් තුලින් සංවර්ධිත රටක් නිර්මාණය කළ හැකියි.

Related posts

Leave a Comment