කොරෝනා මරණ ප්‍රමාණය සැකයි

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පෙරේදා (03) පැවසුවේ බිම් මට්ටමේ දත්ත අනුව කොරෝනා මරණ ප්‍රමාණය පිළිබඳ බරපතළ සැකයක් මතුව ඇති බවයි. පී.සී.ආර්. පරීක්‍ෂණවලින් වාර්තා වන ප්‍රමාණය “ඊයේ” යැයි නිවේදනවල වාර්තා වුවද එහි ඇත්තේ දින තුනකට පෙර ආසාදිතයන් බවත් මෙම වයිරසය ව්‍යාප්ත වීමට පටන්ගෙන මාස 15කට පසුවද පෙර දින තත්ත්වය නිසි ලෙස කීමට නොහැකි වීමෙන් ආණ්ඩුවේ කළමනාකරණය පිළිබඳ බරපතළ ගැටලුවක් පැන නඟින බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය. තමන්ගේ අන්ත අරාජික දේශපාලන තීන්දු වසාගැනීම සඳහා ආණ්ඩුව පී.සී.ආර්. පරීක්‍ෂණ සූදුව ඉතා හොඳින් ගෙන යන බවත් මේ තත්ත්වය තුළ මරණ ප්‍රමාණය වැඩිවීම ඉතා බරපතළ තත්ත්වයක් බවත් ඔහු පැවසුවාය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment