කොවිඩ් පාලන තීරණවලට දේශපාලන මැදිහත් වීම් නෑ

සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ (04) පැවසුවේ කොවිඩ් ව්‍යාපෘතිය පාලනය කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් ගනු ලබන තීන්දු තීරණවලට කිසිදු දේශපාලන මැදිහත්වීමක් ආණ්ඩුව විසින් සිදු නොකරන බවයි. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දු තීරණ ගනු ලබන්නේ සෞඛ්‍ය අංශ මඟින් දෙනු ලබන උපදෙස් හා මඟපෙන්වීම යටතේ බවත් එම තීන්දු තීරණ ගැනීමේ බලය කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමේ ජනාධිපති කාර්ය සාධක බළකායට සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට පවරා ඇති බවත් ඇමැතිවරයා කීවේය. පිළියන්දල ප්‍රදේශයේ ඇති වී තිබෙන කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් ගනු ලබන තීරණවලට එම ප්‍රදේශයේ ඇමැතිවරයකුගේ බලපෑම් එල්ල වන්නේ දැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (04) පැවැති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ සාකච්ඡාවේ දී මාධ්‍යවේදියකු නෑගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය. සෞඛ්‍ය අංශ හා ඊට අදාළ බලධාරීන් විසින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමට මහජන නියෝජිතයන් ලෙස අප සහයෝගය ලාබාදීම මිස අකුල් හෙළීමක් හෝ නියෝග දීමක් සිදු නොකරන බව පතිරණ මහතා සඳහන් කළේය.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment