නේපාලයේත් කොරෝනා වැඩිවෙයි

විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට නේපාලයේ ද කොවිඩ් ආසාදිතයින්ගේ ශීග්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරයි. එරටද මළ සිරුරු එළිමහනේ ආදාහනය කිරීමට සිදුව ඇත.  ගතවූ පැය 24ක කාලය තුළ දී නේපාලයෙන් 7,000කට අධික නව ආසාදිතයින් පිරිසක් හදුනා ගෙන ඇත.  එසේම එරට සෞඛ්‍ය අමාත්‍යංශය පසුගිය සිකුරාදා ප්‍රකාශයක් නිකුත්කරමින් කියා සිටියේ “සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාවයෙන් ඔබ්බට කොරෝනා වයිරස් රෝගීන් ඉහළ ගොස් ඇති හෙයින් සහ රෝහල්වල ඇඳන් හිඟ වී ඇති හෙයින් තත්වය පාලනය කළ නොහැකි ය” යන්නයි.

උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි.

Related posts

Leave a Comment