පෝට රිකෝ රාජ්‍යය නියෝජනය කරමින් ඔලිම්පික් බොක්සිං තරගාවලියට සහභාගි වූ හොලික්ස් වර්ජෝ සිය ගැබිනි පෙම්වතිය මරා දැමීමේ වරදට අත්අඩංගුවට පත් වී ඇත.
සිය ගැබිනි පෙම්වතිය මරා දැමීමට අමතරව ඇයගේ කුසේ වූ නූපන් දරුවා ඝාතනය කිරීමේ වරදට ද හොලික්ස්ට දඬුවම් ලබාදීමට නියමිත බව බටහිර මාධ්‍යය වාර්තා කර තිබේ.
මෙසේ ඝාතනයට ලක්වී ඇති කෙයිල්ලා රොඩි්රගෙස් පසුගිය බ්‍රහස්පතින්දා සිට ආගිය අතක් නැතිවීම පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ ආරක්ෂක අංශ හොලික්ස් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් දියත් කර ඇති අතර ඊට පෙර හොලික්ස් පොලිසියට භාරවී ඇත.
2012 ඔලිම්පික් තරගවලට ද සහභාගි වූ හොලික්ස් මේ වනවිට 27 හැවිරිදි වියේ පසුවන අතර ඔහු සිය ගැබිනි පෙම්වතිය පාලමක් දිගේ ඇදගෙන ගොස් වෙඩි තබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.
බොක්සිං කී‍්‍රඩකයා ගැබිනි පෙම්වතිය පාලමක් දිගේ ඇදගෙන ගොස් වෙඩි තබා ඝාතනය කරයි
