ප‍්‍රථම රණවිරු කොඩිය ජනපතිට පළඳවයි…

රණවිරු සැමරුම් මාසය ප‍්‍රකාශයට පත් කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පැළඳවීම ඊයේ (04දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපති සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් රණවිරු කොඩිය ජනාධිපතිවරයා වෙත පළඳවනු ලැබුවාය.

දශක 03කට අධික කාලයක් පැවැති ත‍්‍රස්තවාදය නිමාකර නිදහස්, නිවහල් දේශයක් වෙනුවෙන් කැපවූ අභීත රණවිරුවන් අනුස්මරණය කරමින් රණවිරු මාසය සැමරේ.

මැයි මාසයේ පළමු සතියේ ජනාධිපතිවරයාට ජාතික රණවිරු කොඩිය පැළඳ වූ දින සිට රණවිරු සැමරුම් මාසය ඇරඹේ.

ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ‍්‍රාමික) කමල් ගුණරත්න මහතා ද මේ අවස්ථාවට එක් විය.

Related posts

Leave a Comment