ආණ්ඩුව ලෝකේ පුරා කොරෝනා එන්නත් හිඟා කනවා

ආණ්ඩුව විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉන්දියාවෙන් චීනයෙන් රුසියාවෙන් කොරෝනා එන්තත් හිඟාකන බව අනුර කුමාර මහතා පවසයි.

මෙරටට අවශ්‍ය එන්නත් ප්‍රමාණය මිලට ගැනීම සඳහා වියදම් වන්නේ රුපියල් කෝටි 1000 ක මුදලක් බවත් එය සොයාගෙන ජනතාව සුවපත් කිරීමට ආණ්ඩුවට උවමනාවක් නැතැයි ද ඔහු පැවසීය.

ඩොලර් හිගතාවය නිසා එන්නත් ගෙන්වීමට පවා මුදල් නැති තත්ත්වයක් උදාවී ඇතැයිද ඔහු පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමිනි.

Related posts

Leave a Comment