දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට කොරෝනා

දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ මහතාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (02)  තහවුරුවී තිබේ.

තම පෞද්ගලික ලේකම්වරයාට  කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා තමන් නිරෝධායනය වෙමින් සිටි බවත්  එහිදි සිදුකළ පී.සි.ආර් පරික්ෂණයේදී  තමන්ට කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට  තහවුරුවී ඇති බවත් ඒ මහතා පවසයි.

ඒ අනුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඔහු කොළඹ අයි.ඩී.එච් රෝහල සදහා අද (02) උදෑසන පිටත්ව යන බවද පැවසීය.

මීට පෙර ආණ්ඩුකාරතුමාගේ පෞද්ගලික ලේකම්වරයා හා ඔහුගේ රියදුරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පී.සි.ආර් පරීක්ෂණවලදි තහවුරු වී තිබුණි. 

 ආණ්ඩුකාරතුමා ද ලේකම්වරයාගේ පළමුපෙළ ආශ්‍රිතයකු වන බැවින් පළමුපෙළ ආශ්‍රිතයින් 18 දෙනෙකු පී.සි.ආර් පරීක්ෂණවලට ලක්කොට ඇති අතර ඔවුන්  18 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරුවී ඇත.

Related posts

Leave a Comment