සුවසැරිය ගිලන් රථ 112ක් මිලදී ගන්න ජනපති අනුමැතිය!

කොවිඩ් ආසාදිත රෝගීන් ප්‍රවාහනය කිරීම ඇතුළු සෞඛ්‍ය සේවා කටයුතුවලදී ඉතා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන මෙරට සුවසැරිය ගිලන්රථ සේවාව ශක්තිමත් කිරීම සඳහා අලුතින් ගිලන්රථ 112ක් මිලදී ගැනීමට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබේ. 

ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම අනුමැතිය හිමිව තිබේ.

මේ වන විට එවැනි සුවසැරිය ගිලන්රථ 297ක් මෙරට සෞඛ්‍ය සේවා කටයුතු සඳහා යොදවා ඇති අතර අනුමැතිය හිමිවූ ගිලන් රථ 112 ද එක්වූ විට ඉදිරියේදී එවැනි ගිලන්රථ 409ක් සේවා කටයුතු සඳහා එක් කිරීමට නියමිතය. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම අමාත්‍යාංශය පවසන්නේ 1990 ගිලන්රථ සේවාව සඳහා දිනකට දුරකථන ඇමතුම් 5400ට ආසන්න ප්‍රමාණයක් ලැබෙන බවත් දිනකට රෝගීන් දහසක පමණ සංඛ්‍යාවක් රෝහල්ගත කරන බවත්ය.

මිලදී ගැනීමට නියමිත ගිලන්රථ දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවා කටයුතු සඳහා යෙදවීමට නියමිතය

Related posts

Leave a Comment