බදියුදීන්ට පාර්ලිමේන්තු එන්න කිසිම නීති ප්‍රශ්නයක් නෑ

නීතිපති රහස් පොලිසියට දැනුම් දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා පාර්ලිමේන්තු සැසියට ඉදිරිපත් කිරීමට නීතිමය ගැටලුවක් නැති බවටයි. රහස් පොලිස් අධ්‍යක්ෂවරයා නීතිපතිගෙන් කළ විමසීමකට අනුව නීතිපතිවරයා මේ බව දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි රජයේ අධිනීතිඥ ඉෂාරා ජයරත්න මෙණෙවිය ‘දිනමිණ’ ට ඊයේ (05) පැවසුවාය. පාස්කු ප්‍රහාරයට අදාළව කළ විමර්ශනවලදී හෙළි වූ කරුණු පදනම් කර ගනිමින් සිද්ධියෙන් වසර දෙකකට පසු රහස් පොලිස් නිලධාරීන් විසින් රිෂාඩ් බදියුදීන් මහතා මෙන්ම ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබිණි. ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙළි වූ තොරතුරු මත ආරක්ෂක ලේකම්ගෙන් ගත් රැඳවා තැබීමේ නියෝග යටතේ බදියුදීන් සහ ඔහුගේ සහෝදරයා මාස තුනකට රහස් පොලිසියේ රඳවා ගෙන ප්‍රශ්න කිරීම් කරයි.

Related posts

Leave a Comment