දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (06) දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ නැගෙනහිර පළාතෙත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ ද වැසි ඇතිවිය හැකි බවයි. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව,වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක් තද වැසි ද ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
දවසේ කාලගුණය
