කොරෝනා ආසාදිතයින් 100ක් අනුරාධපුරයේ නිවෙස්වල

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් 100 දෙනෙකු පමණ මේ වනතෙක් රෝහල්ගත කර නොමැතිව නිවෙස් තුළ සිටින බවයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය අජන්ත රාජකරුණා මෙලෙස ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වුවා,,

” අපි සෞඛ්‍ය අමාත්‍යාංශයටත් දැනුම් දීලා පුළුවන් තරම් අයව මධ්‍යස්ථානවලට යවමින් පවතිනවා. ඉඩ පිළිබඳ ප්‍රශ්න නිසා දැනට 100කට ආසන්න පිරිසක් ගෙවල්වල ඉන්නවා. අපි නිරන්තරයෙන් ඔවුන් පිළිබඳ සොයා බලනවා”

Related posts

Leave a Comment