පෞද්ගලික බැංකුවක ආරක්ෂක නිලධාරියෙකුට වෙඩි ප්‍රහාරයක්

අද (06) උදෑසන අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසල වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම බැංකුවේ ATM යන්ත්‍රයට මුදල් තැන්පත් කිරීම සඳහා පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු සහ තවත් නියෝජිතයෙකු පැමිණ ඇති අතර එම අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අදාළ මුදල් තොගය පැහැරගෙන යෑමට උත්සාහ දරා තිබෙනවා. එම අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර පොර බැදීමක් සිදුව ඇති බවත් එහිදී සිදුකළ වෙඩි තැබීමක් එක් පුද්ගලයෙක් තුවාල ලබා ඇති  බවත් පොලීසිය සඳහන් කරයි.

Related posts

Leave a Comment