රෝහල්වල ඉඩ නෑ – ගාල්ලේ කොරෝනා රෝගීන් පිරිසක් තවමත් නිවෙස්වල

කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් වාර්තාවන නිසා දකුණු පළාතේ තවත් රෝහල් කිහිපයක කොරෝනා රෝගීන් සඳහා වාට්ටු ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දිම සිරිතුංග මහතා පැවසීය.

ඒ අනුව ගාල්ල දිස්ත‍්‍රික්කයේ බෙන්තොට, බටපොල, බද්දේගම, හබරාදුව, මාතර දිස්ත‍්‍රික්කයේ කඹුරුගමුව, ගංගොඩගම, අකුරැුස්ස, වැලිගම, දික්වැල්ල, දෙයියන්දර, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ අම්බලන්තොට, අඟුණකොලපැලැස්ස, ලූණුගම්වෙහෙර, වලස්මුල්ල යන රෝහල්වල වාට්ටු කිහිපයක් මෙසේ කොරෝනා රෝගීන් සඳහා වෙන් කරනු ඇත.

දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ චන්දිම සිරිතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ ගාල්ල දිස්ත‍්‍රික්කයේ රෝහල්වල ඉඩ නොමැති නිසා ආසාදිතයන් පිරිසකට තවමත් නිවාස තුළම රැුඳි සිටීමට සිදුව ඇති බවය. ඒ නිසා ඔවුන් කඩිනමින් ප‍්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරිමටත් කරාපිටිය රෝහල නිදහස් කර ගැනීමටත් මෙසේ රෝහල් කිහිපයක වාට්ටු සුදානම් කිරීමට පියවර ගත් බවත් ඒ මහතා කිය.

Related posts

Leave a Comment