හැකි තරම් ලේ පරිත්‍යාග කරන්නැයි ඉල්ලීමක්

කොරෝනා වසංගත තත්ත්වය නිසාත් එයට සමගාමීව පවත්වනු ලබන සංචරණ සීමා හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන සේවය සතුව පවතින රුධිර සංචිත පහළ යමින් පවතින නිසා රුධිර පරිත්‍යාග කරන ලෙස එහි අධ්‍යක්‍ෂ වෛi ලක්‍ෂ්මන් එදිරිසිංහ මහතා ඉල්ලා සිටී.

දිනකට සාමාන්‍ය තත්ත්වය යටතේ රුධිර ඒකක 1200 ක් අවශ්‍ය බවත් අවම වශයෙන් දිනකට රුධිර ඒකක 800 ක් අවශ්‍ය බවත් ඒ මහතා කීවේය. යම් හෙයකින් පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගෙන රට සම්පූර්ණයෙන්ම හෝ සංචරණ සීමා පැනවුවහොත් එම ප‍්‍රමාණය ද නොලැබී යෑමට වැඩි ඉඩකඩක් පවතින නිසා මෙම ඉල්ලීම සිදුකරන බවද ඒ මහතා කීය. එහෙයින් හැකි සෑම පුද්ගලයෙක්ම කොළඹ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ප‍්‍රාදේශීය මට්ටමෙන් ඇති රුධිර පරිත්‍යාග මධ්‍යස්ථානයකට පැමිණ රුධිරය ලබාදෙන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී. මේ සඳහා 011-236993-4 යන ඇමතුම් අංක මගින් දිනයන් සහ වේලාවන් වෙන්කර ගන්නා ලෙසද වෛiවරයා ඉල්ලා සිටියේය.

Related posts

Leave a Comment