අවවාදය දුරදිග ගොස් පිහිපහර කෑ බෑණා මරුට

මොරවක, නයාදොළ ප‍්‍රදේශයේ පවුල් ආරවුලකට මැදිහත් වූ මාමා කෙනකු පෙරේදා (04 දා) රාත‍්‍රි 8.50 ට පමණ එල්ලකළ පිහි පහරකින් බෑණා ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නයාදොළ, අලපලාදෙනිය, මොරවක ලිපිනයේ පදිංචි සේනානායක ගමගේ ඉන්දික කුමාර නමැති එක් දරු පියෙකු බව මොරවක පොලිසිය කියයි.

මරණකරුගේ මාස 11 ක දරුවා දින කිහිපයක් අසනීප වී මොරවක රජයේ රෝහලේ ප‍්‍රතිකාර ලබා සුව වී ඊයේ (04 දා) සිය නිවසට පැමිණ ඇති අතර නැවත එම දරුවාට උණ ගෙන ඇත. පසුව එම දරුවාගේ මව විසින් තලංගල්ල ප‍්‍රදේශයේ පදිංචි සිය දෙමව්පියන්හට මේ බව දන්වා දරුවාට තෙල් මැතිරීම සඳහා ඇදුරෙක් රැුගෙන එන ලෙස දන්වා ඇත. පසුව දෙමාපියන් විසින් පෙරේදා (04 දා) තෙල් මැතිරීම සඳහා ප‍්‍රදේශයේ සිටින ඇදුරකු ද සමග නයාදොළ ප‍්‍රදේශයේ සිය දියණිය පදිංචි නිවසට පැමිණ ඇත.

තෙල් මැතිරීම සඳහා අවශ්‍ය පොල්තෙල් නිවස තුළ නොතිබූ හෙයින් දරුවාගේ මව විසින් දරුවාගේ පියාට රුපියල් දාහක් අතට දී පොල්තෙල් කාලක් රැුගෙන එන ලෙස දන්වා ඇත. පසුව වෙළෙඳසැලකට ගොස් ආ දරුවාගේ පියා පොල්තෙල් නොගෙන නිවසට පැමිණ සිය බිරිඳගේ අතට රුපියල් පන්සීයක මුදලක් ලබා දී ඇත. ඉන්පසු බිරිඳ සිය ස්වාමි පුරුෂයාට නැවත එම රුපියල් 500 ලබාදී පොල්තෙල් ගෙන්වා ගෙන ඇති අතර පසුව බිරිඳගේ පියා බෑණා සමග උරණ වී මීට වඩා දරුවා ගැන සොයා බැලිය යුතු බවට ලබාදුන් අවවාදයක් සමග ඇති වූ ආරවුලක් දුර දිග යෑමෙන් මෙම පිහි ඇණුමෙන් බෑණා බරපතළ ලෙස තුවාල ලබා රෝහලට රැුගෙන යන අතරතුර ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය මොරවක රජයේ රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබූ අතර පිහි ඇණුමට සම්බන්ධ බිරිඳගේ පියා වූ 61 හැවිරිදි පාසල් මාවත, තලංගල්ල ප‍්‍රදේශයේ පදිංචි මාමා පොලිස් අත්අඩංගුවට

ගැනීට නියමිතව තිබු අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Related posts

Leave a Comment