පිළියන්දල LOCKDOWN ඉවත් කරන්න කීවේ මමයි – ආයෙත් දැම්මොත් මං යළි මැදිහත් වෙනවා – ලොකුගේ

පිළියන්දල ලොක්ඩවුන් සීමා ඉවත් කරන ලද්දේ තමන්ගේ ඉල්ලීම අනුව බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරනවා.

නැවත මෙවැන්නක් සිදු වුවහොත් එයටද තමන් මැදිහත් වන ඒ මහතා පැවසීය.

පිළියන්දල අනතුරුදායක නැති බවත් මේ සම්බන්ධයෙන් තමන් හමුදාපතිට හා බුද්ධි අංශවලට කතා කළ බවද ඒ මහතා කියා සිටියි.

කැස්බෑව ප්‍රධාන වෛද්‍ය නිලධාරියා දේශපාලන පක්ෂවලට වාසි සහගත ලෙස නිවේදන නිකුත් කරන බව ද ඇමැතිවරයා චෝදනා කරයි.

YouTube නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

තම කාර්ය මණ්ඩලයේ තිදෙනෙකුට හා තම බෑණාටද වෛරසය ආසාදනය වී ඇතැයිද ඔහු එහිදී තව දුරටත් පැවසීය.

Related posts

Leave a Comment