වසර 35 කින් ආයේ ගන්න බටහිර පර්යන්තය ඉන්දියාවට සහ ජපානයට දෙනවා

සංවර්ධනය කර කි‍්‍රයාත්මක කිරීමෙන් පසුව වසර 35 කින් රජයට ආපසු භාර දීමේ පදනම මත ඉන්දියාව සහ ජපානය විසින් නම් කරනු ලබන පාර්ශ්වයන්ට සියයට 85ක් ද ශී‍්‍ර ලංකා වරාය අධිකාරියට සියයට 15ක් ද හිමිවන පරිදි කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී ඇතැයි සම කැබිනට් ප‍්‍රකාශක බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.
 
 නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු සියයට සියයක්ම වරාය අධිකාරිය සතු කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණ ද, අත්සන් තබා ඇති ජාත්‍යන්තර ගිවිසුම්වලට අනුගත වෙමින් කොළඹ දකුණු වරායේ බටහිර පර්යන්තය ඉන්දියාව සහ ජපානය සම`ග එක්ව රාජ්‍ය පෞද්ගලික ව්‍යාපාරයක් සේ සංවර්ධනය කිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.
 
 කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගැටලූවක් නිර්මාණය වූයේ ඉකුත් රජය සමයේ 2017 වසරේ අපේ‍්‍රල් 25 වැනිදා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන්දීයාවේ සිදු කළ සංචාරයකදී ඇති කරගත් ගිවිසුමක් හේතුවෙන් බවද ඇමැති උදය ගම්මන්පිල මහතා පැවසීය.
 
 ශී‍්‍ර ලංකාව පාර්ශ්වයෙන් හිටපු ඇමැති මලික් සමරවික‍්‍රම මහතාත්, ඉන්දියාව පාර්ශ්වයෙන් හිටපු ඉන්දීය විදේශ ඇමැති සුස්මා ස්වරාජ් මහත්මියත් අදාළ ගිවිසුමට අත්සන් තබා ඇතැයි ද ඒ මහතා ස`දහන් කළේය.
 
 එම ගිවිසුමට අනුව කොළඹ වරායේ එක් පර්යන්තයක් ඉන්දියාව සහ ජපානයේ ආයෝජන සහිතව සියයට 51 ක් සහ 49 ක් වශයෙන් කි‍්‍රයාත්මක කිරීම මෙන්ම මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට ලබා දීම, ති‍්‍රකුණාමලය වරාය සංවර්ධනය කිරීම ලබාදීම සහ ගෑස් විදුලි බලාගාරයක් ඉදි කිරීමට අවස්ථාව ලබාදීම ලෙස ව්‍යාපෘති 17 ක් ඇතුළත්ව තිබූ බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
 
 එසේ තිබියදී 2019 වසරේ මැයි මස 28 වැනිදා හිටපු වරාය සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා කොළඹ වරායේ එක් පර්යන්තයක් යන්න වෙනුවට නැගෙනහිර පර්යන්තය යනුවෙන් පැහැදිලිව සදහන් කර ඉන්දියාව සමග තවත් ගිවිසුමකට එළැඹීම නිසා මෙම ගැටලූව නිර්මාණය වූ බවද ඇමැතිවරයා ස`දහන් කළේය. කැබිනට් තීරණ දැනුම් දීම ස`දහා මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ ඊයේ (02) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව අනාවරණය කළේය.

Related posts

Leave a Comment