හැත්තෑ තුන් වැනි අභිමානවත් නිදහස් දිනය අදයි

හැත්තෑ තුන් වැනි අභිමානවත් නිදහස් දිනය අද (04) යි. ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්‍යමත් මව්බිමක් තේමා කර ගනිමින් නිදහස් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරු 8ට නිදහස් චතුරස්‍රයේදී පැවැත්වේ.

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක පිළිරුවට පුෂ්පෝපහාර පිරිනැමීමෙන් අනතුරුව නිදහස් දින උත්සවයේ කටයුතු ආරම්භ කෙරෙන අතර ආරාධිත අමුත්තන්ගේ පැමිණීමෙන් පසු මඟුල් බෙර වාදනය මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමට නියමිතය. පාසල් සිසු සිසුවියෝ 45 දෙනෙක් විසින් ජාතික ගීය ගායනා කරන අතර ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගථාව ද ගායනා කරති.

ජනාධිපතිවරයා වෙත ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීමෙන් අනතුරුව ජාතිය ඇමතීමට නියමිත අතර ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ මෙන්ම සිවිල් ආරක්ෂක බළකායේ ආචාර පෙළපාළියෙන් සහ සංස්කෘතික පෙළපාළියෙන් පසු නිදහස් උලෙළ අවසන් කෙරේ.

Related posts

Leave a Comment