බිම්සානිට තවත් කැපිල්ලක්? තනතුරෙන් ඉවත් කරයි!

පොලිස් ඉතිහාසයේ පළමු කාන්තා නියෝජ්‍ය පොලිස්පතිවරිය වූ බිම්සානි ජාසිංහ ආරච්චි මහත්මිය බාරව සිටි පොලිස් දුක්ගැනවිලි අංශයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ මහත්මියව ඉවත් කිරීමට පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා කටයුතු කොට ඇත.

ඒ අනුව ඇය සමග රාජකාරී කළ සියලුම නිලධාරීන්ට වෙනත් ඒකකවල නිලධාරීන් වෙත වාර්තා කරන ලෙසද දැනුම් දීමක් කර ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමකදී මේ බව තහවුරු කළ ඒ මහතා පොලිසිය ප්‍රතිසංවිධාන කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙය සිදු කර ඇති බව කියා තිබේ.

මේ වනවිට බිම්සානි මහත්මිය හට නියෝජ්‍ය පොලිස්පති ධූරය ලබා දීම සම්බන්ධයෙන් පොලිසියේම නිලධාරීන් පිරිසක් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටද කටයුතු කොට ඇත.

Related posts

Leave a Comment