මාස තුනක බිළිදෙකුට කොරෝනා

කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පැවසුවේ මාස තුනක බිළිදෙකු  කොරෝනා ආසාධිත වි ඇති බවයි. මෙසේ කොරෝනා ආසාධිතව ඇත්තේ කරුවලගස්වැව 9 කනුව ප්‍රදේශයේ බිළිදෙකි . අදාල බිළිදාගේ හා මව පියා හා මෙම බිළිදාගේ වැඩිමහල් සොහොයුරන් දෙදෙනාද  ජෛව පටල පරික්ෂාවක් පසුගිය 28 දින පුත්තලම මුලික රෝහලෙන්  ලබා ගෙන ඇති අතර එහි වාර්තාව 6 දින ලැබී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. එම වාර්තා අනුව මෙම පිරිසෙන් කෝරෝනා ආසාධිත වි ඇත්තේ මෙම බිළිදා පමණක් බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම පිරිස අවුරුදු සමයේ තවත් අසල් වැසි පිරිසක් සමග කොළඹ ඥාති නිවසකට ගොස් ඇති බවත් ඒ අනුව පවුල් දෙකෙහි 10 දෙනෙකු නිරෝධායකයට ලක්කර සිටි බව කියයි. ආසාධිත බිළිදා කෝවිඩ් විශේෂ ප්‍රතිකාර ඒකකයක් වෙත යැවීමට කටයුතු කරන බව කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියා සිටී.

Related posts

Leave a Comment