සයිනොෆාම් ලබන සතියේ සිට මෙරට ජනතාවට – චන්න ජයසුමන

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් එන්නත ලබන සතියේ සිට මෙරට ජනතාවට දීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා ඊයේ (7) දිනමිණට පුවත්පතට පවසා තිබේ

කොවිඩ් රෝගීන් බහුලව වාර්තා වන ග්‍රාම සේවා වසම්වලට අනුපිළිවෙළට මේ එන්නත දීමට කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කළේය. සාමාන්‍ය ජනතාවට මේ එන්නත දීමට කටයුතු කරන බවත් චීන රජය විසින් මෙරටට මේ එන්නත ලක්ෂ හයක ප්‍රමාණයක් දී ඇති බවත් ඉන් මෙරට සිටින චීන ජාතිකයන් 2,000කට අධික පිරිසකට මාත්‍රා දෙකම දී ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

Related posts

Leave a Comment