මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ පුද්ගලයින්ට සහ පාස්කු ප්රහාරයට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් කඩිනමින් නීතිමය පියවර ගන්නා ලෙස තමා නීතිපති දෙපාර්තුමේන්තුවට උපදෙස් දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (04) උදෑසන නිදහස් චතුරශ්රයේදී පැවති 73 වැනි නිදහස් උළෙලේ දී ජාතිය අමතමින් පැවසීය.
එසේම තමා ජනාධිපති කරවීමට කැපවූයේ කවුරුන්දැයි කියා දන්නා අතර එසේ කැපවූවන් අතර සිටින ඇතැම් පුද්ගලයින්ගේ පටු ව්යාපාරික අරමුණු ඉටුකිරීමට කටයුතු නොකරන බවද කීවේය.