කොවිඩ් රෝගීන්ට දින 10 කදී ඇඳන් 10000 ක්‌ – බැසිල්ගෙන් පොරොන්දුවක් !

කොරෝනා ආසාදිත පුද්ගලයන්ට ප‍්‍රතිකාර කිරීම සඳහා දින දහයක් ඇතුළත ඇඳන් දස දහසක් ලබා දීමට කටයුතු කරන බව ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
 
 ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත‍්‍රික්කවල මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කෙරෙනු ඇත.
 
 දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ ආණ්ඩුකාරවරුන්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ දායකත්වයෙන් මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කෙරෙන බව ද හෙතෙම පැවැසීය.
 
 මෙම ඇඳන් දස දහසට අමතරව දිස්ත‍්‍රික්ක මට්ටමින් අමතර ප‍්‍රතිකාර ස්ථාන හඳුනාගෙන ඒවාට අවශ්‍ය ඇඳන් ඇතුළු උපකරණ සැපයීමේ වගකීම දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ සභාපතිවරුන්ට පවරන ලදී.
 
 මේ අතර ශ‍්‍රී ලංකා ඉංජිනේරු පෙරමුණ විසින් රෝහල්වල පවතින තාක්ෂණික අඩුපාඩු සකස් කරදීම සඳහා ස්වෙච්ඡා වැඩපිළිවෙළක් කි‍්‍රයාත්මක කරන බව ද බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.
 
 අරලියගහ මන්දිරයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම කරුණු සඳහන් කළේය.

Related posts

Leave a Comment