ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පිරිලා: ආසාදිතයෝ 4000 ක්‌ නිවෙස්‌වල

රෝහල්වල සහ අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල ඉඩ පහසුකම් නොමැති වීමෙන් කොරෝනා වෛරසය ආසාදනය වූ හාරදහසකට අධික පිරිසක් ඔවුන්ගේ නිවාසවලම ර`දවා තැබීමට ඊයේ (07 වැනිදා) පෙරවරුව වන විට සෞඛ්‍ය අංශවලට සිදුව තිබිණි.

මෙරට කොරෝනා තෙවැනි රැුල්ලේ ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග දිනෙන් දින විශාල වශයෙන් ආසාදිතයන් වාර්තා වීම හමුවේ මෙම තත්ත්වය උදා වී ඇත.

මෙරටින් පෙරේදා (06 වැනිදා) රාති‍්‍ර වන විට වාර්තා වූ ආසාදිතයන් පිරිස හා සුවය ලබා රෝහල්වලින් පිටව ගිය පිරිස අනුව තවත් ආසාදිතයන් 17805 දෙනකු රෝහල්ගතව සිටිය යුතු වුවද ජාතික කොරෝනා මර්දන කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පෙරේදා සඳහන් කර තිබුණේ ආසාදිතයන් 13043 දෙනකු රෝහල්ගතව සිටින බවකි.

ඒ අනුව බැලූව ද රෝහල්ගත නොකර සිටි ආසාදිතයන් පිරිස 4762 කි.

මෙම තත්ත්වය අනුව ජාතික වසංගත රෝග විද්‍යා ඒකකයේ ප‍්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ස`දහන් කළේ දෛනිකව වාර්තා වන රෝගීන් සංඛ්‍යාව ඉහළ යෑම නිසා ආසාදිතයන්ට ප‍්‍රතිකාර කිරීම ගැටලූ සහගත වී තිබෙන බවකි.

ප‍්‍රතිකාර ලබා දියයුතු ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙන අතර එම තත්ත්වය තුළ අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල ඇදනුත් යොදාගෙන මෙතෙක් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස පැවැති ස්ථාන ද ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද ඒ මහතා ඊයේ මාධ්‍යයට සදහන් කළේය.

පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් කොවිඞ් මර්දන රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මියගෙන් අප කළ විමසීමකදී යම් ගැටලූකාරී තත්ත්වයක් උද්ගතව තිබෙන බව ඇය ද ස`දහන් කළාය.

එහෙත් එය දිගින් දිගටම පවතින දෙයක් නොවන බව ද පැවසූ ඇය රජය මේ වන විට තැනින් තැන ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකරමින් තිබෙන බව ද ආයුර්වේද රෝහල්වල ඇදන් ප‍්‍රමාණය ද ලබාගෙන තිබෙන නිසා කඩිනමින් පවතින ගැටලූව විසදා ගත හැකි බව ද කීවාය.

කෙසේ වෙතත් මේ මොහොතේ පවතින වසංගත තත්ත්වය පාලන කර ගැනීමට නම් ජනතාවගෙන් ලැබෙන සහාය ඉතා වැදගත් බව ද කී ඇමැතිවරිය යමෙක් පීසීආර් පරීක්‍ෂණයකට ලක් කර ඇත්නම් නිවසේ රැු`දී සිටීම අනිවාර්යයෙන් සිදු කළ යුත්තක් බව ද සදහන් කළාය.

එසේම යම් අයකු වැරදීමකින් හෝ ආසාදිතයකුගේ ආශි‍්‍රතයකු වුවහොත් වහාම ඒ බව ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට දන්වා ස්වයං නිරෝධායනයට යොමු වන ලෙස ද ඇමැතිවරිය ඉල්ලා සිටියාය.

පවතින වසංගත තත්ත්වය තුළ රට වසා දැමීමේ තීරණයකට එළැඹීමේ සූදානමක් ඇත්දැයි ඇමැතිවරියගෙන් සිදු කළ විමසීමේදී රට වසා දැමීමක් සිදු නොකරන බවත් මේ මොහොතේත් සිදු කරන ආකාරයට ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප‍්‍රදේශ හදුනාගෙන ගම් මට්ටමින් එම ප‍්‍රදේශ හුදකලා කිරීම ඉදිරියටත් සිදුකරන බවත් ඇය වැඩිදුරටත් සදහන් කළාය.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් තවත් මරණ එකොළහක් සිදුව ඇති බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙරේදා (06 වැනිදා) රාති‍්‍ර නිවේදනය කළේය.

එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 745 දක්වා ඉහළ ගියේය.

එසේම කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයන් 878 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව ඊයේ පස්වරුවේ සෞඛ්‍ය බලධාරීහු නිවේදනය කළහ.

එම පිරිසත් සමග කොරෝනා වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත සංඛ්‍යාව ද 101763 ක් විය.

Related posts

Leave a Comment