වස්ති ඇතුළු Youtube නඩයට එරෙහිව ඩෑන් ප්‍රියසාද් පොලිසි යයි! [VIDEO]

මේ දිනවල ජනප්‍රිය Youtube නාලිකා සමහරක් හරහා සංස්කෘතිය හා සභ්‍යත්වය විනාශ කරමින් රටේ අනාගත පරම්පරාව විනාශ කරන බවට ඩෑන් ප්‍රියසාද් පවසනවා. අද දිනයේ පොලිස් මුලස්ථානය වෙත පැමිණිල්ලක් කරමින් ඔහු ඉල්ලා සිටින්නේ මෙරට Youtube නාලිකා අතර සමාජ විරෝධී දෑ පලකරන පිරිස් වෙත නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රියසාද් මහතා කියා සිටියේ මෙරට ඓතිහාසික පසුබිම් සහිතව නිර්මාණය වූ සිනමා නිර්මාණ පවා හෑල්ලුවට ලක් කරන තත්වයකට මෙම නාලිකා පත්ව ඇති බවයි. වස්ති නම් Youtube නාලිකාව නිර්මාණය කල වීඩියෝවක් සම්බන්ධවද විවේචන එල්ල කල ඔහු එහි භාවිත වන නිලමේ ඇඳුම හාස්‍යට ලක් කෙරෙන දර්ශන හරහා ඉතා ඉහල සංස්කෘතික වටිනාකමක් ඇති නිලමේ ඇඳුමේ ගෞරවය විනාශ කරන අතරම යුධ විරුවන් සිය රුධිරය හෙලා මව් බිම වෙනුවෙන් සටන් කොට හිමිකරගත් වීර පදක්කම්ද හෑල්ලුවට ලක් කරන බව කියා සිටිනවා.

ඩෑන් ප්‍රියසාද් මේ පිළිබඳව මාධ්‍ය වෙත කල සම්පුර්ණ ප්‍රකාශය පහතින්…

Related posts

Leave a Comment