රජයේ නිරෝධායන මධ්‍යස්ථාන අපායවල් කරලා ආණ්ඩු හිතවාදී හෝටල් හිමියන්ට බිස්නස් වැඩි කරනවා

ජනතාව මුදල් ගෙවන නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කිරීමේ මානසික මෙහෙයුමක් රජය ආරම්භ කර ඇති බවත් රජය විසින් පවත්වාගෙන නිරෝධායන මධ්‍යස්ථාන අපායවල් වලට සමාන බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කරයි.

රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති කොරෝනා ආසාදිතයන්ට දිනකට රුපියල් 17,000 බැගින් ගෙවා හෝටල්වල නිරෝධායනය විය හැකි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලිඛිතව දැනුම් දී ඇති බවත් එය සිදු කරන්නේ ආණ්ඩුවේ හිතවාදී හෝටල් හිමියන්ට බිස්නස් එකක් ලබා දීමට ද ඔහු පෙන්වා දෙයි.

අද වන විට කොරෝනා මර්ධන වැඩසටහනක් පුරසාරම් වලින් පිරුණු එකක් පමණක් බවට පත්වී ඇතැයි ද ඔහු පවසයි.

ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ දී මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වමිනි.

Related posts

Leave a Comment