සියලු එන්නත් හොඳ මට්ටමේ, එන්නත්කරණය යළි යාවත්කාලීනයි – GMO

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ඊයේ (09) පැවසුවේ කොරෝනා වයිරසයට එරෙහිව එන්නත්කරණය යළි යාවත්කාලීන වී තිබෙන බවත් දැනට ලංකාවේ භාවිත වන සියලු එන්නත් හොඳ මට්ටමේ එන්නත් බවත් යනුවෙනි. හැකිතරම් කාර්ය මණ්ඩල යොදවා සියලු ප්‍රදේශවලට එන්නත් ලබා දීම සිදු කළ යුතු බව එම සංගමය වැඩිදුරටත් පවසයි. මෙවර වයිරස ප්‍රභේදය පැතිර යාමේ ශ්‍රීඝ්‍රතාව වැඩි නිසා නිසි ලෙස මුව ආවරණය පැලඳිය යුතු බව හෙතෙම කීවේය. යම් කෙනෙකුට බෝ වී ඇති විටෙක රෝග ලක්ෂණ මතු වීමට දින 05ක් පමණ ගත වන බවත් එම කාලය තුළත් රෝගය අන් අයට බෝ විය හැකි හෙයින් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම වැදගත් බව ඒ මහතා පෙන්වා දුන්නේය. දැනට තිබෙන තත්ත්වය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ඇතුළු සංගම් විසින් ඒකාබද්ධ ලිපියක් ජනාධිපතිවරයා වෙත භාරදුන් බව ද ප්‍රසාද් කොළඹගේ මහතා කියා සිටියේය. සංචරණ සීමා පැනවීමේ වැදගත්කම එහිදී පෙන්වාදී තිබෙනවා දී ඇති බවත්. එය ජනගනත්වය සහ විද්‍යාත්මක පදනමක් මත සිදුවිය යුතු ආකාරය ගැනදැනුවත් කර ඇති බවත් ඒ මහතා පවසා සිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

” මෙම වයිරසය බරපතළ ලෙස පෙනහළුවලට හානි කරනවා. අනෙක් දේ තමයි නිව්මෝනියා තත්ත්වය. සාමාන්‍ය නිව්මෝනියාවට වඩා මෙය බරපතළයි. රුධිරය කැටිගැසීමක් එක්ක මේ නිව්මෝනියා තත්ත්වය එන්න පුළුවන්. එවිට වෛද්‍යවරුන්ට ප්‍රතිකාර කිරීම හරිම අපහසුයි. ඔක්සිජන් අවශ්‍යතාව මෙන්ම දැඩි සත්කාර අවශ්‍යතාවය මතුවෙන්නේ එවිට. මේ නිසා හැම පුරවැසියෙක්ම මේ තත්ත්වය තේරුම් ගන්න අවශ්‍යයි. මෙය සුළුවට තකන්න එපා. මෙය පළමු රැල්ල නොවෙයි. “

Related posts

Leave a Comment