සොයිසා රෝහලේදී කොරෝනා ආසාදිත බිලිඳුන් 70ක් ඉපදිලා

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ කොරෝනා ආසාදිත බිලිඳුන් 70 දෙනකු පමණ මේ වන විට සොයිසා කාන්තා රෝහලේදී උපත ලබා ඇති බවයි. කොවීඩ් ආසාදිත මව්වරුන්ගෙන් නව ජන්ම ළදරුවන්ට ගර්භාශය තුළදී රෝගය වැලඳීමේ ප්‍රවණතාවය වැඩි බවත් එම සියලු බිලිඳුන් වෙන් වෙන්ව ආරක්ෂා සහිතව රැකබලා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව නව ජන්ම ළදරුවන් පිළිබඳ විශේෂඥ වෛද්‍ය නලින් ගමඇතිගේ මහතා පැවසීය. කොවිඩ් ආසාදිත බිලිඳුන් රැකබලා ගැනීම සඳහා ඉදිරියේදී සෑම රෝහලකම වෙන්ව ඒකකයක් පිහිටුවීමට පියවර ගත යුතු බව කාසල් වීදිය කාන්තා රෝහලේ ළදරු රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර මහතා ප්‍රකාශ කළේය. ගැබිනි කාන්තාවන්ට කොවිඩ් -19 ආසාදනයවීම වළක්වා ගැනීම සඳහා ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

Leave a Comment