දවසේ කාලගුණ නිවේදනය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අද (10) දිනය තුළ දිස්ත්‍රික්ක කිහිපයකට තැනින් තැන මි.මී 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බවයි. සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ගාල්ල, මාතර, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. බස්නාහිර සහ දකුණු පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල විශේෂයෙන් උදෑසන කාලයේ දී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකියි. ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බවත් ඒ සඳහා නිසි ආරක්ෂිත පියවර නුගමනය කරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි..

Related posts

Leave a Comment