හුදකලා කර ඇති පානදුර පිංවත්තට කොත්තමල්ලි වතුර

ඊයේ (09) වෙනිදා පිංවත්ත පොලිසියේ මූලිකත්වයෙන් රතන සූත්‍රය දේශනාකරමින් පිරිත් කරන ලද ඔෂධීය කොත්තමල්ලි පානය මේවන විට හුදකලා කර ඇති පානදුර පිංවත්ත පොලිස් වසමේ සියලු නිවාස වෙත බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙයි. වාද්දුව කලාපය බාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන්ගේ උපදෙස් පරිදි සෞඛ්‍ය සෞඛ්‍යාරක්ෂිතව එය දියත් කළ බව පිංවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂණ සුරංග රණවීර මහතා පැවසීය.  ඔෂධීය කොත්තමල්ලි පානය බෙදා දීම සදහා පොලිසියේ වාහනවලට අමතරව පුද්ගලික වාහන ද යොදා ගෙන ඇත.

Related posts

Leave a Comment