ඔබාමාගේ සුනඛ සුරතලා අවසන් ජිවිතයෙන් සමුගනී

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බරක් ඔබාමා පවසන්නේ සිය ආදරණීය පවුලේ සුනඛයාවන ‘බෝ’ පසුගිය සෙනසුරාදා මියගිය බවයි. “අද දහවල් අපේ පවුලට බොහොම කනගාටුදායක පුවතක්. පිළිකාවක් සමග සටනකින් පසු අපගේ හොඳම මිතුරා වන බෝ අපට සමු දුන්නා” යැයි බෝගේ මරණය පිළිබඳ පුවත ඔබාමා සහ ඔහුගේ බිරිඳ මිෂෙල්  සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහන් කර තිබුණි. “දශකයකට වැඩි කාලයක් තිස්සේ, බෝ අපගේ ජීවිතයේ නිරන්තර, මෘදු පැවැත්මක් ඇති කළා. අපගේ හොඳ දවස්, නරක දවස් සහ එදිනෙදා සෑම දිනකම අපව දැකීම බෝ වෙත මහත් සතුටට කරුණක් වුණා. සැබෑ මිතුරෙකු සහ පක්ෂපාත සහකාරියක්” යනුවෙන් හිටපු ජනාධිපතිවරයා ලියා ඇත.  ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයා ජනපති ධුරය දරන කාලයේදී ධවල මන්දිරයේ සිටි, මාධ්‍යයේ වඩාත් අවධානය දිනාගත් සුනඛයෙකු ලෙස මෙම සුරතල් සුනඛයා සැලකුණි. බෝ, පෘතුගීසි ජල සුනඛයෙක්වන අතර ඔබාමාට 2008 දී එම සුනඛයාව ත්‍යාගයක් ලෙස දී තිබුනේ ඔහුගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන ආධාරකරුවෙකු වූ දිවංගත සෙනෙට් සභික එඩ්වඩ් කෙනඩි විසිනි.

Michelle Obama Shares Pics of Bo and Sunny on National Dog Day | PEOPLE.com
File:Michelle Obama with Bo official portrait.jpg - Wikimedia Commons
Bo Obama Photos - Presidential Pet Museum
Happy Birthday, Bo! | whitehouse.gov
26 Photos Of Obama Being A G That'll Make You Sob Silently Into Your Pillow

Related posts

Leave a Comment