“අසභ්‍ය වචනයෙන් බනිනවා, තර්ජනය කරනවා” – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි කලකිරීමක

කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනයේදී විවිධ තර්ජන සහ දෝශාරෝපණ එල්ලවීම හමුවේ තම නිළධාරීන් දැඩි කලකිරීමකට ලක්ව ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

නිරෝධායනයට සහ ප්‍රතිකාර සදහා යොමු කිරීමේදි මුහුණදිය හැකි ඇතැම් අඩුපාඩු සහ දුශ්කරතා හමුවේ ඉවසිලිමත්ව කටයුතු කරන ලෙසයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ මේ වනවිට වාර්තා වන කොවිඩ් ආසාදිත රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට හෝ රෝහල් වලට යොමු කිරීමේදී ඔවුන්ට මුහුණදීමට සිදුවන අපහසුතා සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඍජුවම තර්ජන එල්ලවන බවයි.

එහිදී ජනතාව බැන වදින බවත් අසභ්‍ය වචනයෙන් පවා බැන වදින බව හා තර්ජනය කරන බවත් ඔහු කියා සිටිනවා.

රට තුළ බලාපොරොත්තු නොවූ ව්‍යසනකාරී තත්වයක් ඇතිව තිබෙන බැවින් පවතින තත්වය තේරුම් ගනිමින් වසංගතය මද පැවැත්වීමට සහය දෙන ලෙසට ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Related posts

Leave a Comment