“දේශපාලන අධිකාරියට උන්මාදයක් නැහැ ලොක්ඩවුන් කරන්නේ නැහැ කියන්න” – රට ලොක්ඩවුන් කිරීම අනිවාර්යයි

රට ලොක්ඩවුන් කිරීම අනිවාර්යයෙන් කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි.

දේශපාලන අධිකාරියට නිසි තොරතුරු ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති බවද ඔහු පෙන්වා දෙයි.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ දෙරණ නාලිකාවේ වැඩසටහනට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

දෙරණ බිග් ෆෝකස්” වැඩසටහන සමග එක්වෙමින් ඔහු පැවසුවේ ඊට අවශ්‍ය තීරණ ගැනීමට දේශපාලන අධිකාරියට නිසි තොරතුරු ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති බවය.

“අපි පුදුම වෙලාවක් නාස්ති කළා හැම මේකට සම්බන්ධ අයම මේක මේ සමාජයේ පැතිරිලා නෑ, සමාජයේ පැතිරිලා නෑ, සමාජයේ පැතිරිලා නෑ කියන්න. මම ඉතාම පැහැදිලිවම ඒ කාලයේත් කියනවා, දැනුත් කියනවා අනිවාර්යයෙන් ම සමාජ ව්‍යාප්තියක් තිබෙනවාමයි.මමත් සමහර වෙලාවට ලෙඩෙකුට ප්‍රතිකාර කිරීමේ දී යම් කිසි වැරදි කොටසක් කරන්න පුළුවන්. ඒවා පිළිගනිමින් කරපුවාම තමයි ලෙඩාව සාර්ථකව සනීප කරගන්න පුළුවන් වෙන්නේ. මේකෙ දි අපි පිට පිට කරපු වැරදි ටිකක් තිබුණා. අපි හරි කියන දේ මිනිස්සු ගාණකගේ ජීවිත ගාණක් බිලිදෙන්න තරම් වටින දෙයක් නෙමෙයි. දැන් විශාල ලෙස සමාජ ව්‍යාප්තියක් තිබෙනවා. මේකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මොනා හරි දෙයක් අරගෙන ඒක පෙන්නන්න පුළුවන්.එකෙනුත් අපි කරන්න හදන්නේ අපිවම රවට්ටා ගැනීමක්. අනිත් අයව රවට්ටනවා ඒක පටන් ගන්නේ තමන්ව රවට්ටගෙන.“

“ග්‍රාම නිලධාරී මට්ටමෙන් කරන හුදකලා කිරීම් මේ අවස්ථාවට ප්‍රමාණවත් නැහැ. තාම අපි ටැප් එක ඇරලා තියෙන වෙලාවක, දුවලා ගිහින් ටැප් එක වහන්නේ නැතුව මොබ් කරලා අඩු කරන්න බැහැ වගේ ඒක සාර්ථක නැහැ. අපි හිතනවා අඩුම වශයෙන් දිස්ත්‍රික්ක අතර ලොක්ඩවුන් එකක් කරන්න ඕනේ. ආර්ථිකයට අවම බලපෑම් එක්ක ලොක්ඩවුන් කිරීම සැලසුම් කිරීම පැහැර හැරලා තියෙනවා. දේශපාලන අධිකාරියට උන්මාදයක් නැහැ මොනවා කලත් කරන්නේ නැහැ කියලා.එහෙම තියෙනවා කියලා වැරදි මතයක් අපිම ගෙනිහිල්ලා අපිම එකේ විදියට හැසිරෙනවා. “

Related posts

Leave a Comment