කැකිල්ලේ කොමිසමෙන් ප්‍රජා අයිතිය අහෝසි කළත් මගේ ගමන නවත්වන්නේ නැහැ – අනුර

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කැකිල්ලේ කොමිසමෙන් තම ප්‍රජා අයිතිය අහෝසි කළද තම දේශපාලන කටයුතු නතර නොකරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී තනතුරක බලයෙන් දේශපාලනය නොකරන බව ජනාධිපතිවරයා අවබෝධ කරගත යුතු යයිද ඔහු පෙන්වාදෙයි.

එම පක්ෂය විසින් කොළඹදී සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

Leave a Comment