ස්පාඤ්ඤය කොවිඩ් පාලනය සමරයි

ස්පාඤ්ඤය සාර්ථක අන්දමින් කොවිඩ් වසංගතය පාලනය කරමින් සිටියි. ඒ අනුව වසා දමා තිබූ ප්‍රාන්ත 17න් 13ක් මේවන විට විවෘත කර ඇත.

ඒ සමගම මාස 06ක් පුරා ක්‍රියාත්මක වූ හදිසි අවස්ථා නියෝග ද අත්හිටුවා තිබේ.

ස්පාඤ්ඤ රජය සදහන් කරනුයේ එන්නත්කරණය සහ සෞඛ්‍ය නීති රීති නිසි පරිදි අනුගමනය කිරීමට ජනතාව උනන්දු වූ නිසා මෙම සාර්ථකත්වය උදා කරගත් බවයි.

ප්‍රාන්ත යළි විවෘත කිරීමත් සමග එම වීදිවල ප්‍රීතියට පත් ජනතාව සාද පැවැත්වූ අයුරු පසුගිය සෙනසුරාදා දක්නට ලැබුනු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය අලුත් අවුරුදු සැමරුමට සමාන දර්ශන බව සදහන් වේ.

Related posts

Leave a Comment