කොරෝනාවෙන් රට බේරා ගන්න රනිල්ගෙන් උපදෙස්

හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසන්නේ කොරෝනා වසංගත තත්ත්වයෙන් රටත් ජනතාවත් බේරා ගැනීමට නම් ඒ පිළිබඳ කටයුතු සිදු කිරීමට කැබිනට් මණ්ඩලය වහාම පූර්ණ බලතල ගෙන ක්‍රියා කළ යුතු බවයි. කොරෝනා මර්දනයට පත් කර ඇති කමිටු අසාර්ථක බව සඳහන් කළ ඒ මහතා කැබිනට් මණ්ඩලයේ පළපුරුද්ද ඇති අය සිටින බවත් කැබිනට් මණ්ඩලය වහාම වගකීම ගෙන ක්‍රියා නොකළහොත් ජීවිත ගණනාවක් අහිමි විය හැකි බවත් සඳහන් කෙළේය.

මාධ්‍ය වෙත ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

” කොවිඩ් 19 රෝගයේ උග්‍ර තත්ත්වයකට අපි අද මුහුණ දීලා තියෙනවා. ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටෙනවා. කොවිඩ් 19 ව්‍යසනය දැන් ලංකාව පුරාම පැතිරෙනවා. එන්නත් , ඔක්‌සිජන් සහ වෙන්ටිලේටර් හිඟයක් තියෙනවා. රෝහල්වල ඇඳන් හිඟයක් තියෙනවා. රෝහල් රෝගීන්පි ගෙන් පිරිලා. දිනෙන් දින මේ කොවිඩ් රෝගය වැඩි වෙනවා. දැන් අපි ඉන්නේ තීරණාත්මක අවස්ථාවක.”

Related posts

Leave a Comment