ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට සූදානම් – නි. සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්

කොවිඞ් සම්බන්ධව ඉදිරියේදී ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දී එම තත්ත්වයන් මැඬලීමට මෙරට සෞඛ්‍ය අංශ සූදානම් යැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවැසීය.

ලබන සැප්තැම්බර් මාසය වන විට මෙරට කොවිඞ් මරණ සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා යා හැකි බවට ඇමෙරිකාවේ වොෂින්ටන් විශ්ව විද්‍යාල ආයතනයක් කර ඇති පුරෝකථනය පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් වෛද්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේදී රෝගීන් වාර්තා වීම වැඩි අගයක් ගත්තත් එම රෝගීන්ට අවශ්‍ය ප‍්‍රතිකාර පහසුකම් වැඩිකරන ගමන්ම අලූතින් ඇතිවන රෝගීන්ගේ සංඛ්‍යාව පාලනය කිරීමට අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගැනීමටත් සෞඛ්‍ය අංශ අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගන්නා බවද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

Leave a Comment