නවතම “OPPO A54” එලි දකී

දැන් ශ්‍රී ලංකාවට අලුතින් හඳුන්වා දී තිබෙන ලොව smart උපාංග ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන OPPO සිය නවතම දුරකතන මාදිලිය වන OPPO A54 ‍යයි. ඉතා අලංකාර දුරකථනය මාදිලියක් වන OPPO A54 විශිෂ්ට මට්ටමේ ඡායාරූප ගත හැකි වන ආකාරයට සැලසුම් කර ඇත. එහි 3D Panel සඳහා යොදා ඇති ලෝහමය නිමාව මඟින් එයට වැඩි ශක්තියක් සහ නොනැමෙනසුලු බවක් එක්වී ඇති අතර, අතේ රඳවා ගැනීමද පහසු වේ. මේ නිසාම මෙය ග්‍රෑම් 192ක් වැනි අඩු බරකින් යුක්ත වන අතර, මිලිමීටර් 8.4ක් තරම් සිහින්ය. දුරකථනයේ සමස්ත පෙනුම හා ස්වභාවයට සමගාමි වන ආකාරයට Middle Frame Process සඳහා ද විශේෂ අවධානයක් යොමු කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් XINDA Lanka (OPPO Sri Lanka)හි ප්‍රධාන විධායක නිලධාරි බොබ් ලී මහතා මෙසේ පැවසීය. ‘OPPO A Series දුරකථන මාලාව සැලසුම් කර ඇත්තේ පාරිභෝගිකයන්ගේ ජීවන රටාවට පහසුවක් එක් වන සහ එය වැඩි දියුණු කිරීමට අත්වැලක් වන ආකාරයටයි. OPPO A54 මාදිලියත් එම අරමුණ ඇතිවම නිර්මාණය කළ මාදිලියක්. නවීන නිමාවක් සමඟින් විශිෂ්ට ක්‍රියාකාරීත්වයක් සහිත එයට යොදා ඇති 5000mAh බැටරිය සහ 18W Fast Charge තාක්ෂණය නිසා එදිනෙදා භාවිතය ඉතා පහසුයි. එමෙන්ම විනෝදාස්වාදයට අවශ්‍ය දේ ගබඩා කර ගැනීමට උපකාරි වන ඉහළ මතක ධාරිතාවක් OPPO A54 මාදිලියට ඇතුළත්.”

Related posts

Leave a Comment