ඉන්දියාව ලොක්‌ඩවුන් කරන්නැයි ඇමෙරිකානු ජනාධිපති උපදේශකත් ඉල්ලයි

දිනෙන් දින ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ හා කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යමින් පැවතීම හේතුවෙන් වසංගතය පාලනය කිරීම සඳහා මුළු රටම නිශ්චිත කාලයකට වසා දමන ලෙස ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ කොරෝනා වෛරසය සම්බන්ධ උපදේශකවරයා වන වෛද්‍ය ඇන්තනි ෆවුකි විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි ගෙන් ඉල්ලීම් කර තිබේ. මෙය ජාත්‍යන්තර මට්ටමින් ඉන්දීය අගමැතිවරයා වෙත රට අගුලූ දමන ලෙස සිදු කෙරුණු ප‍්‍රථම ඉල්ලීම ලෙස සැළකේ.

ඊයේ (10දා) උදෑසනින් අවසන් වූ පැය 24ක කාලය තුළදී ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් තුන් ලක්ෂ හැට හය දහස් එකසිය හැට එක් දෙනකු (366,161) හා කොරෝනා මරණ තුන්දහස් හත්සිය පනස් හතරක් (3754) වාර්තා වී තිබිණි. මේ වන විට ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා වී ඇති රටවල් කිහිපය අතර ඉන්දියාවද සිටින අතර ඊයේ දිනය වන විට එරට සිදුව තිබූ මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 246,116ක් විය. මේ වන විට ඉන්දියාවේ බොහෝ ප‍්‍රාන්තවල රෝහල් කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති අතර ආදාහනාගාර පවා මෘත දේහවලින් පිරී යෑමට පටන් ගෙන තිබේ.

Related posts

Leave a Comment