කොරෝනා වෛරසය මර්දනය සඳහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද ‘සයිනොෆාම්’ එන්නත මිලියනයක් හෝ මිලියන 2ක ප්‍රමාණයක් මාස්පතා ශ්‍රී ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබේ.
ඒ සම්බන්ධයෙන් මේ වන විට චීන රජය සමග සාකච්ඡා කිරමින් සිටින බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ ය.
එම සාකච්ඡා මේ වනවිට සාර්ථක මට්ටමක පවතින බව ද එම එන්නත් ප්‍රමාණය මාස් පතා ලබා ගැනීමට හැකියාව ඇති බව දැනට පෙනී යන බවද ඔහු පැවසීය.
එමෙන්ම රුසියාව විසින් ලබා දෙන ‘ස්පුට්නිට්’ එන්නතද ගිවිසුම්ගතව ඇති පරිදි සහ ශ්‍රී ලංකාවේ ගබඩාවල ඉඩ පහසුකම් ඇති පරිදි ලබා දෙන බවට පොරොන්දු වී ඇතැයිද ඒ මහතා කීය.