අද (11) උදැසන පානදුර පොදු වෙළද පොලේ තිබී පුද්ගල මළසිරුරක් හමුව ඇතැයි පානදුර දකුණ පොලිසිය කියයි. මෙසේ හමුවී ඇත්තේ පානදුර එළවළු වෙළෙඳ පොලේ අංක 11 දරණ කඩ කාමරයේ කරපිංචා අලෙවි කරමින් එම වෙළද කුටියේම පදිංචිව සිටී අයෙකු බවයි පොලිසිය පවසන්නේ. මියගොස් ඇති පුද්ගලයාගේ නිවැරැදි අනන්‍යතාව මෙතෙක් තහවුරුව නැති බවත්, මියගොස් ඇති හේතුව මෙතෙක් අනාවරණයවී නැතැයි පොලිසිය කියයි. පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂක චාමින්ද පින්තු මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වමින් තිබේ.
පානදුර කරපිංචා වෙළෙන්දා කඩ කාමරයේදීම මරුට
