ජර්මනිය කොරෝනා එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ට නිදැල්ලේ හැසිරීමට අවසර දෙයි

කොරෝනා මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගත් පුද්ගලයන්ට කොරෝනා මර්දන නීති රීති අනුගමනය නොකර සමාජයේ නිදැල්ලේ හැසිරීමට අවස්ථාව ලබා දීමට ජර්මන් රජය විසින් පියවර ගෙන තිබේ. මේ අනුව කොරෝනා එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට පෙරේදා (09දා) දිනයේ සිට ජර්මනියේ ක‍්‍රියාත්මකව පවතින රාත‍්‍රි ඇඳිරි නීතිය පවතින කාලසීමාවේ ගමන් බිමන් යෑමට මෙන්ම සීමාවකින් තොරව බාහිර පුද්ගලයන් මුණගැසීමටත් අවසරය ලබා දී ඇති බව ජර්මන් රජය විසින් නිවේදනය කර තිබේ.

කොරෝනා ආසාදනය වැළඳී සුවපත් වූ අයටද මේ අයුරින්ම බාහිර පුද්ගලයන් මුණගැසීමට අවස්ථාව ලැබෙන බව රජය පවසයි. ජර්මන් රජයේ මෙම නව පියවර සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත්තේ ඉන්දියාවේ පැතිරෙන භයානක නව කොරෝනා වෛරස් ප‍්‍රභේදයන් වැනි වෛරස් ප‍්‍රභේදයන් ඇතැම් කොරෝනා එන්නත්වලට පවා ඔරොත්තු දිය හැකි නිසා මෙසේ එන්නත් කළ පුද්ගලයන්ට අසීමිත නිදහසක් ලබාදීම ගැටලූකාරී විය හැකි බවයි.

Related posts

Leave a Comment