බඩගින්නට ගහට නැග කොස් ගෙඩියක් කැඩූ අවුරුදු හැටේ සීයාට දෙන්නෙක් පොලුවලින් ගහලා!

බඩගින්නට කෑමට ගසකට නැග කොස් ගෙඩියක් කඩා ගත් බව කියන 60 හැවිරිදි පුද්ගලයකුට පොල්ලකින් පහර දී තුවාල සිදු කළ පුවතකට අදාළ පැමිණිල්ලක් රක්වාන පොලිසිය වෙත ලැබී තිබේ.

පොතුපිටිය, කත්ලාන කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙම පැමිණිල්ල දමා ඇතැයි පොලිසිය කියයි.

දෙදෙනකු විසින් මෙම පහරදීම කර ඇති බවත්, පහරදීම හේතුවෙන් මෙම පුද්ගලයාගේ අතක් තුවාල වී ප්‍රතිකාර සදහා රක්වාන රෝහලට ඇතුළත් කොට ඇති බවත් වාර්තා වේ.

Related posts

Leave a Comment