ආණ්ඩුවට පැණි පෙවූ පැණි ධම්මිකගේ තවත් රස කතාවක් එළියට

තමන් විසින් නිපද වූ ඖෂධය නියමිත ක‍්‍රියා පිලිවෙත් අනුව නිසි මාත්‍රාවට ලබාගත් නිසා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට කොරෝනා ආසාදනය නොවූ බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර පවසයි.

තවද, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා ආසාදනය වූයේ ඇය එම ඖෂධ නිසි ලෙස ලබා නොගත් නිසා බවත් ඒ බව ඇයගේ සැමියාද පැවසූ බවත් ඔහු සලදහන් කරයි.

මේ වන විට සායනික පරීක්ෂණ සඳහා යොමු කර ඇති එම ඖෂධය එහි ප්‍රතිඵල කුමක් වුවද දැනටමත් තමන් ලක්ෂ 40ක් වැඩි ජනතාවට එහ ඖෂධය ලබා දී ඇති බව හෙතෙම පවසයි.

ඉතුරු ජනතාවට ද මෙය ලබා දීමට හැකි යැයි තමන් විශ්වාස කරන බව ද ඔහු සඳහන් කළේ ය.

Related posts

Leave a Comment