උපන් දින සාදය දා දැරියට ‘‘නරුමයා’’ගෙන් අපරාධයක්

හයවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 12 හැවිරිදි දැරියකට අතවර කර ඇති බවට දැරියගේ මව කොස්වත්ත පොලිසියට පැමිණිල්ලක් කරමින් කියා තිබේ.

කොස්වත්ත පාර මොරකැලේ පදිංචි වින්දිත දැරියගේ මව සිය පැමිණිල්ලේ තම සැමියා සහ දරුවන් තිදෙනා සමඟ කුලී නිවසක පදිංචිව සිටින බවත් තමාගේ ලොකු දුව ඉහළ කොට්ටරාමුල්ල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සමඟ පේ‍්‍රම සම්බන්ධයක් පවත්වාගෙන ගිය බවත් පවසා ඇත.

තමා එම සම්බන්ධයට මුලින් විරුද්ධ නොවූ නමුත් පසුව එම සම්බන්ධයට විරුද්ධවූ බවත් තම සහෝදරියගේ පුතාගේ උපන් දින උත්සවයක් තම නිවසේ පැවැත්වෙද්දී දියණිය රහසින් තම නිවසින් පිටව ගොස් තිබූ බවත් සොයා බැලීමේදී පෙම්වතාගේ නැන්දා කෙනෙකුගේ නිවසට කැඳවාගෙන ගොස් එහිදී අතවරයට ලක්කර ඇති බව දැනගත් බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොස්වත්ත පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්. ඒ. සී. ජයනාත් මහතා වයස අවුරුදු 18 ක්වූ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

දැරියව මාරවිල රෝහලට වෛද්‍ය පරීක්‍යෂණ සඳහා ඇතුළත් කර ඇත.

Related posts

Leave a Comment