ලංකා විදුලිබල මණ්ඩලය වසරකට රුපියල් කෝටි හාරසියයක් (බිලියන් 40) රටට ඉතිරි කරදීමේ අරමුණෙන් ස්වාභාවික ද්‍රව වායු (එල්.එන්.ජී) නෞකා පර්යන්තයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර්පත් කැඳවා තිබේ. කෙරවලපිටිය ප්‍රදේශයේ දැනට ක්රියාක්මක මෙගාවොට් 300 ද්විත්ව චක්‍රීය බලාගාරයට කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ ඇති මෙගොවොට් 300කින් යුත් බලාගාර දෙකකට සහ එහි ඇති මෙගොවොට් 110ක ගෑස් ටර්බයින් බලාගාරයට හා ඉදිකිරීමට නියමිත මෙගොවොට් 35 බැගින් වූ බලාගාර තුනක් සඳහා අවශ්‍ය එල්.එන්.ජී ලබාගැනීම මෙමගින් අපේක්ෂා කරන බව ලංවිම ඉංජිනේරු සංගමය පැවසීය. ස්වභාවික ද්‍රව වායු අපේ රටේ නොමැති අතර ඒවා විදේශ රටකින් මෙරටට ගෙනවිත් නෞකා පර්යන්තයක් මුහුදේ තබා පයිප්ප ලයින් හරහා බලාගාර වෙත ගෙනයා යුතු බවද ඉංජිනේරුවෝ පැවසූහ. මෙම පර්යන්තයට වැය වන මුදල වසර දෙකක් ඇතුළත උපයා ගත හැකි බවද ඔවුහු කියා සිටීයේය.
වසරකට කෝටි 400ක් රටට ඉතිරි කර ගන්න ද්‍රව වායු නෞකා පර්යන්තයක්
